කුමරියක රුව සිත්හි දරාගන
නුබ මගේ නම කවා හඩන්නැති
සිනාසී සිප වැලද
යලි යලිත් හඩන්නැති
විකසිතව වැඩෙන විට
ලං ලංව යොමා නෙතූ
මුදු බවින් විදින් නැති ,
පිරිමි ඇහැකට නොදී වහන් කර
කිරි කලෙක හිස දොවා
පිචච මල් දියෙං නැහැ වූ උදේ
නුබ තින් පැලඳු ඒ
රත්න ගල් කරාබුව
මා සතුව පැවතුනු යේ
අතර මග නොවැටුණු නිසාවෙනි
එහෙව් ලෙස,
ලගට විත් කියා දුන්
මට උරුම ගැහැණු කම
කියවාපු පොත් අතර මග හැරින
ඉතිකින් සොයන්නටනම් බැරිය
එතකින්ම ,
සත්තකම ඉතිරි උන එකම දෙය
මට දුන්න නුබේ සිත විතරමය
දරාගෙන මග සරමි තරමට
බරයි එය අම්මේ මට .