Tuesday, October 25, 2011

මුට නමක් තියාපියෝ.
(1970.03.17)
 (සිරා ලියු වැකි )

අපායේ රූස්ස ගසක් ඇත.මේ ගස පුරා එක එක සයිස් එකේ කිංකිනි,මිනිගෙඩ් ,ගෙජ්ජි,ගන්ටාර එල්වා ඇත. දිනක් ලංකා වෙන් ගිය එක් මිනිසෙක් මේ පුදුම ගස දැක ඒ මොකක්ද යැයි යමපල්ලගෙන් ඇසීය. අපායේ "ලයි          ඩ්ටෙක්ටරය" හෙවත් බොරු අල්ලන යන්ත්‍රය .ඒ  යැයි යමපල්ලා කීය  .මහ පොලොවේ කෙනෙකු බොරුකී විට ,බොරුවේ සයිස් එකට හරියන සයිස් එකට මිණි ගෙඩියක් , ගෙජ්ජියක් නැතිනම් ගන්ටාරයක් නාද වන බව යමපල්ලා වැඩි දුරටත් විස්තර කලේය.පුංචි බොරුවක් කීවොත් පුංචි මිණි  ගෙඩියක් නාදවේ .ලොකු බොරුවක් කිවොත් ලොකු එකක්  නාදවේ. මොහොතක් ගියේ නැත .ටකරන් වහලයකට හෙනගැසූ කලකමෙන් මුළු ආකාසයම දෙවනත්  කරමින් ,මුළු ගසම සලිත වෙමින් ,එහි  එල්වා තිබුණු කිංකිනි,මිනිගෙඩ් ,ගෙජ්ජි,ගන්ටාර සියල්ල එකවර නාද විය .ඒ මොකදැයි  ලංකා වෙන් ගිය මිනිසා ඇසීය ."ඒ තොපේ අගමැති කට ඇරලා "යැයි යමපල්ලා කීය.

No comments:

Post a Comment