Monday, June 20, 2011

විදේශීය විශ්වවිද්‍යාල 5 ක් ලබන වසරේදි ආරම්භ කිරිමට සැළසුම්

E-mail Print PDF
නොවැ.01- විදේශීය විශ්වවිද්‍යාල මෙරට පිහිටුවීම සදහා රටවල් 25 කට අධික සංඛ්‍යාවක් මේ වනවිට මූලික අධ්‍යයන ආරම්භ කර ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.
එහි ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා සඳහන් කළේ බ්‍රිතාන්‍ය, රුසියාව, ප්‍රංශය, ඉන්දියාව, චීනය ඇතුලු රටවල් එම මූලික අධ්‍යයන ආරම්භ කර ඇති බවය. ඒ අනුව ලබන වසරේදී විදේශීය විශ්වවිද්‍යාල 5 ක් මෙරට ආරම්භ කිරීමට හැකිවනු ඇති බව ලේකම්වරයා විශ්වාසය පළකළේය.
කොළඹින් පිට පළාත්වල එම විදේශීය විශ්වවිද්‍යාල පිහිටුවීම සදහා සැළසුම් කර ඇති බව ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පැවසීය.
ඔහු සදහන් කළේ ‍එමගින් මෙරට ශිෂ්‍ය ප්‍රජාවට වාසි රැසක් අත්වන බවය.

No comments:

Post a Comment